featureNews
බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට මාස 3ක්
බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඊෙය් (8) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව හෙතෙම පවසයි. මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක…
විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙයි
මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පසුව, අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත. එහි…
ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්
2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත. ආදයම් වියදම් වාර්තාභාර දීමට මෙතෙක් ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරු මෙන්ම ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු…
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි. 75 වසරක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති…
ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඩොලර් 77.37 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සියයට 0.57කින් ඩොලර් 74.67ක් දක්වා ද වැඩි වී තිබුණි. මාස දෙකකට පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී…
බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි – වර්ජනයක් නැහැ
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි. ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ. පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා…
ටිබෙට් භූකම්පනයෙන් අවතැන්වූවන්ට චීන රජයෙන් සහන
චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබේ. එම සහන සැපයුම් තොගය ඊයේ (07) රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බව සඳහන්ය. අදාළ සහන සැපයුම් සපයා තිබුණේ චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ…
ජයිකා උප සභාපති සහ අගමැතිනිය අතර හමුවක්
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම…
පොලීසියේ උසස් නිලධාරීන් 11කට මාරුවී
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ. ඊට අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. වී. ගිනිගේ මහතාව අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර…