Headlines

    නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර රැසක්

    නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලින විසඳුමක් ලබා දෙන තෙක් ප්‍රදේශයේ වාරි ගැටලු විසඳීමට කෙටිකාලීන පියවර රැසක් යෝජනා වී තිබේ. මේ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා…

    Read More

    කොළඹ වැසෙන පාරවල් ගැන පොලීසියෙන් අලුත්ම නිවේදනයක්

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය ගැන පොලීසිය විසින් අද (5) අලුත්ම නිවේදනයක් නිකුත් කළේය. අද (5) දිනයේ සිදුකරන මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළහැකි බව එම නිවේදනයේ දැක්වේ. ගාලු මුවදොර…

    Read More

    පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

    පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇත. පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව තිබේ. එම දූපතේ අගනුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇත. එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව…

    Read More

    මහ මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීමක්

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම වැටලීම සිදුකර ඇත. මේ වනවිට එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.

    Read More

    අදත් මිමී 100 ට වැඩි තද වැසි

    අද (5) දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.  බස්නාහිර, දකුණු  සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය…

    Read More

    මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ. වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, චෝදනාව එල්ලවන…

    Read More

    ශ්‍රී ලංකාවට ආ මෝදි සිංහලෙන් සහ දමිළ බසින් තැබූ X සටහන

    තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් සටහනක් තබා තිබේ.  එහි දැක්වෙන්නේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි.” යනුවෙනි. ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය…

    Read More

    පැනවූ බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම්

    ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය. සම්පූර්ණ නිවේදනය පහතින්.

    Read More

    යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

    යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය. ඉන් අනතුරුව…

    Read More

    ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

    ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ. සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන…

    Read More