featureNews
වෙළෙඳ ඇමති ආනයනකරුවන්ට දුන් පොරොන්දුව
සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්යවරයා එකඟ වූ බව අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය. වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය…
ජනාධිපති අනුර නිලධාරීන්ට දුන් උපදෙස
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ අන්යෝන්ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්ය මණ්ඩලය, අමාත්යාංශ ලේකම්වරු, ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්ය බුද්ධි ඒකකයේ…
විදුලි ගාස්තු සංශෝධනයට කුමක් වෙයිද ?
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්රතියෝජනාව පිළිබදව මෙම සැසිවලදී මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. ඉදිරි මාස 6ක කාලය…
නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් ද වේ. ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන…
සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. ඊයේ පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.
පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්යාපන අමාත්යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත්…
රාජ්ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට
එළැඹෙන වසරේ දී මෙරට රාජ්ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්ය අමාත්යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය. “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ…
ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව පසුගිය…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්රිවිධ හමුදාව අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව අද දිනයේ…
ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්රික් ටොන් 67,000ක ප්රමාණයක් ආනයනය කර තිබුණි. කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන්…