featureNews
ඇමති විජිත කොළඹ මහාධිකරණයට එයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළා යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව ඉකුත් යහ පාලන රජය…
උද්ධමනය තවත් අඩුවෙයි
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)…
ශානි ගේ FR පෙත්සම – නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ….
කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්
කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ…
ශ්‍රී ලංකා ධජ සහිත මත්ද්‍රව්‍ය පිරවූ යාත්‍රා දෙකක් කොටුවෙයි
ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී ය. පිරිස සමග…
නාවලපිටියේ පස් කන්දක් කඩාවැටේ
නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. මෙම මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයට පස් කන්ද කඩාවැටී ඇත්තේ අද (29) අලුයම 2ට පමණය. එමෙන්ම පස් කන්ද සමග ගස් විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වනවිට ඇණහිට…
රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි
අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. …
රට පුරා සිදුවූ ආපදාවලින් අහිමි වූ ජීවිත
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර…
ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන…
හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය
රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී…