Headlines

    ජනපති හදිසියේ නිලධාරීන් කැඳවයි 

    තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම…

    Read More

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

    ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබේ. මෙරට ආර්ථිකයේ විවිධ අංශ වල ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනේ අරමුණකි. මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන…

    Read More

    ආපදා මරණ ඉහළට

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය.  මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම්…

    Read More

    මී උණ පැතිරීමේ අවදානමක්

    මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. එමෙන්ම වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඒ මහතා සඳහන් කළේය.  සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී  පැවති…

    Read More

    ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

    පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…

    Read More

    අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවය. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ…

    Read More

    මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය…

    Read More

    මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

    මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුර, වව්නියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔය ද්‍රෝණියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ නැනඩ්ඩාන්, මූසාලෛ, මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි…

    Read More

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්‍

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳබව…

    Read More

    සුළි කුණාටුව තිව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

    දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.  ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට…

    Read More