Headlines

    ජුලම්පිටියේ අමරේ ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

    තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළේය. විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. ඔහු, 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරාදමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ…

    Read More

    උසස් පෙළ විභාගය සැලසුම් කළ ලෙසම

    2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති…

    Read More

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාරගනී

    මුදල්, ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.  භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර…

    Read More

    මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්

    රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු…

    Read More

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි

    ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.

    Read More

    තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

    10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව…

    Read More

    නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ

    නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.

    Read More

    10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

    10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවය. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ය.

    Read More

    නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

    Read More

    පොහොර සහනාධාර ප්‍රමාදයට හේතුව හෙළිවෙයි

    පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර වීමට ප්‍රමාද වී ඇත්තේ පරිගණක පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනයේදීම නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇති බව සදහන් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් ඊයේ (19) දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත…

    Read More