Headlines

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය. අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ…

    Read More

    ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පි.සත්‍යලිංගම්ට

    ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ. පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.

    Read More

    මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා  වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය. ජාතික ජන බලවේගය නම්කළ…

    Read More

    සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කෙරේ

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද…

    Read More

    උසස් පෙළ උපකාර පන්ති 19 වැනිදා මැදියම් රැයෙන් තහනම්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවය. නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර්…

    Read More

    මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 150ක්

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි. ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක්…

    Read More

    නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය

    එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලය අතරතුර චීන…

    Read More

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

    නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    Read More

    ඉන්කාවරුන්ගේ මතකය අලුත් කරමින් නව Chancay වරාය විවෘත කෙරේ

    චීනය සහ පේරු රාජ්‍යය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කළ Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ. මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන් මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කළාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් මෙම වරාය ඉදි කර තිබේ. මෙම…

    Read More

    පාර්ලිමේන්තුව නියෝජනයට එන කාන්තාවන් මෙන්න

    10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබේ. ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වන අතර  දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් පත්ව ඇත. ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, නිලන්ති කොට්ටහච්චි, ඔශානි උමංගා, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, කිෂ්නන් කලෙයිචෙල්වි, හසාරා ලියනගේ, සරෝජා පෝල්රාජ්, මුතූ රත්වත්තේ, ගීතා…

    Read More