
Gossips

ඉරාජ් පොලීසි යයි
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය. පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය. මේ පිළිබඳ වැඩිදුරටත්…

යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

පුවත් නාලිකාවකින් ට්‍රම්ප්ට වන්දියක්
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත් නාලිකාව එකඟ වී තිබේ. ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15කි. පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට…

ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට
යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ. ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්‍රේනයට අවසර ලබාදීමයි. රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට…

රනිල් – බැසිල් යළිත් සාකච්ඡාවක්
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් (26) ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැම්පත් කළේය. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්නේදැයි…

රනිල්ට සහාය දෙමින් එක්වූ පිරිස මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ. ගාල්ල ප්‍රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු…

ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා
මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වු ආකාරයට වත්මන් ආණ්ඩුවටත් කටයුතු කළ…

TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?
ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී. ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…

ඩයනා පාස්පෝට් එක භාරදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත භාරදුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේය. ඒ පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයට අනුවය. රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 08 වනදා තීන්දු…

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ගැන ගම්මන්පිල ගෙන් චෝදනාවක්
ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරයි. අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරු රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඇය සෙනට් කාරක සභාවේ සභිකයින් විසින් සිදුකළ විමසීම්…