ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය….

Read More

සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට – සතුන් කළමනාකරණයටත් වැඩපිළිවෙලක්

වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවය.  මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ…

Read More

තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,  “ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු…

Read More

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවෙන්ම යෝජනාවක්

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

Read More

සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට

පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන්…

Read More

අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ  නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි. එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසයි. එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය…

Read More

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත. එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව…

Read More

මැතිවරණ පැමිණිලි කිරීමට EC EDR ඇප් එක හඳුන්වා දෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දුනි. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීය.  විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, “මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක…

Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු…

Read More

හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව මාර්තු 20 වනදා සිට

අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබේ. වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවය. අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව…

Read More