Hot News
කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම…
මේ වසරේ පළමු මාස 9 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්
මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක්…
ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්
ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවය. ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ,…
ව්‍යාජ රට රැකියා ජාවාරමක්
ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් කිසිවෙකු යළිත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවය. යම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන…
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
ගම්මන්පිල ට චෝදනාවක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ…
දමිතාගෙන් තවත් පිම්මක්
ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය. සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. දමිතා…
උද්ධමනය ඍණ වෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම,…
කෘෂිකර්ම අමාත්‍යංශය කුලියට ගත් ගොඩනැගිල්ලේ කෝටි 66 ඩිපොසිට් එකට මොකද වුණේ?
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක තැන්පතු මුදල සම්බන්ධයෙන්ද…
පාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙනින් ඔහු මේ බව…