Headlines

    හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

    ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ලකර තිබුණි. පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන්…

    Read More

    සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි

    සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය….

    Read More

    ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්

    ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇති බවට දුරකථන ඇමතුම් ලැබී ඇති…

    Read More

    ඊශ්‍රායල අගමැතිගෙන් හිස්බුල්ලා සංවිධානයට රතු එළි

    හිස්බුල්ලා සංවිධානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තමන් සහ බිරිඳ ඝාතනය කිරීමට තැත් කිරීම, බරපතල වරදක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. සිය රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සතුරු බලවේගවලට එරෙහිව සිදු කරන යුද්ධය ක්‍රියාත්මක බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ය. ටෙල් අවිව් නුවර සෙසරියා ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික…

    Read More

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නමින් සැකසූ ව්‍යාජ ෆේස්බුක් පිටුවක් පිළිබඳ තොරතුරු

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේ ය. විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර…

    Read More

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබන සතියේ පොලීසියට

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි. එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම දී තිබූ කාලය, පසුගිය 13 වැනිදායින් අවසන් වුණි. ඒ අනුව අදාළ වාර්තා දී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව, 35 කි. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම්…

    Read More

    ගම්මන්පිල ගෙන් යළිත් අභියෝගයක්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.  අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා…

    Read More

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය තව සුළු මොහොතකින් පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ වනවිට එක්දින තරගාවලි 9ක්…

    Read More

    ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර හමුවෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට…

    Read More

    බ්‍රික්ස් සමුළුවට පෙර රැස්වූ විද්වතුන්

    ලබන 22වැනිදා ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිංහිදී පසුගියදා පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු එම සංවාදයේ තේමාව වූයේ, “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන්නයි. බ්‍රික්ස් හෙවත්…

    Read More