Hot News
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා…
ගෝලීය අවශ්‍යතා පරිදි අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි – ජනපති
ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට…
හිරුණිකා දැඩි තීරණයක් ගනී
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි. තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය. “පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම…
දමිතා සජබ ජාතික ලැයිස්තු පුටුවක් ඉල්ලයි
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි. අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට…
විදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපිට සුවිශේෂ තත්ත්වයක් මෙතෙනදී අත්දකින්නට ලැබුණා. ස්කෑමින් කෑම්ප්. මේවා කෑම්ප් විදිහට සකස්වෙලා තියෙන්නේ. මේක නව…
ගංවතුර බැස යාමත් සමඟ රෝග පැතිරීමේ අවදානමක්
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය. “ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්,…
දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව මහින්ද කියයි
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය. ප්‍රශ්නය – කොහොමද මැතිවරණ සුදානම ? “බොහෝම සුදානම්.” ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද? “ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.” ප්‍රශ්නය – ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද? “තාවකාලික… දේශපාලඥයෙක් විශ්‍රාම…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු…
මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (15) දින සවස 04:00 ට නිකුත් කරන ලද එම නිවේදනය අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…