Headlines

    ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ අද (14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවය.  ඒ අනුව, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ…

    Read More

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසන් සභාව සඳහන් පැවසුවේ අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බවය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැන්පත් තිබුණද ඉන්…

    Read More

    කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂය ඉක්මවයි

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය.  ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්…

    Read More

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. බස්නාහිර,…

    Read More

    පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක්

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට (14) දිනයේ පමණක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇත. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ගම්පහ යන අධ්‍යාපන කලාපවල පාසල් හෙට සහ අනිද්දා (15) යන දෙදිනම වසා තැබීමට ද තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත්…

    Read More

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන්

    මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය.  මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි. කෙසේ වෙතත් පසුගිය දා අවසන්…

    Read More

    අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය. මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට…

    Read More

    ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ….

    Read More

    සම සුදු කර ගැනීමේ ආලේපන සම්බන්ධව දැනුවත් කිරීමක්

    අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි. ආලේපන වර්ග…

    Read More

    ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්

    මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසා සිටියේ, විෂාදය සහ විවිධ මනෝභාවයන් නිසා දරුවෙකුගේ හැසිරීමේ වෙනසක් ඇත්නම් වහාම වෛද්‍යවරු වෙත යොමුකිරීමට මව්පියන් වගබලා ගත යුතු බවයි. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සජීවන…

    Read More