Hot News
කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ක් ලෙස සටහන් වුණි. දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් වශයෙනි.
ධම්මික පෙරේරා හේලීස් සම සභාපති ලෙස පත්කෙරෙයි
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ. හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි. මීට පෙර…
ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි
මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ,ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය. මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු…
බස් ගාස්තු සංශෝධනය කෙරේ
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.
අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය. එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී…
ලිට්‍රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්
ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට නිලුෂා බාලසූරිය ව පත්කෙරේ
බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත…
හිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)විශ්‍රාමික අමාත්‍යාංශ…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය. නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම…
ළමා ලෝකය නැවත දරුවන්ට දිනාදීම තම අරමුණ බව ජනපති කියයි
දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්. – උපුටා ගැනීම – ලෝකය ළමයින්ටයි……ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු….. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය,…