Hot News
ජපානයේ නව අගමැති ඉෂිබා
ජපාන හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා එරට නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ තේරිපත්ව තිබේ. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙනුවට පත් වූ ඔහු 67 හැවිරිදි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නව අගමැතිවරයාගේ සැලසුමයි. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් පසුගිය දා…
IMF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන කැබිනට් ප්‍රකාශක කළ හෙළිදරව්ව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ දූත කණ්ඩායමක් හෙට (02) දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත ය. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය…
උද්ධමනය පහළට
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ. 2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා…
හෙලීන් ජීවිත 30ක් බිලිගනී
අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපෑ ඇති ‘හෙලීන්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා ‘හෙලීන්’ සුළි කුණාටුව අමෙරිකාවට ඇතුළුවී තිබුණි. ප්‍රාන්ත කිහිපයක් හරහා හමාගිය සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 105 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඇතැම් පිරිස් අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා…
හිරු උදාවට පෙර පෙනෙන දුර්ලභ වල්ගා තරුවක්
මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින් 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වේ. ක්ෂිතිජයට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීම…
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනකට අදාළව නිදහස් ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ දරුවන් ගැන අවධානය යොමුකරමින් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව එම…
පාවා දීලා ගිය අයව පක්ෂයට ගන්නේ නැහැ – සාගර
ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි. එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය. “අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම…
ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින්න
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.
ලෝක බැංකුවෙන් ජනපතිට සුබ පැතුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී…
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය. “ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල,…