Headlines

    ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

    නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා…

    Read More

    නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

    09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…

    Read More

    ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

    ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා…

    Read More

    රටවල් රැසකින් නව ජනපති අනුර ට සුබ පැතුම්

    මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ (22) රාත්‍රී මෙම හමුව සිදුවු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එහිදී තේරි පත්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංෂන පිරිනමා තිබේ. මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව…

    Read More

    විධායක ජනපති ලෙස තේරීපත් වූ අනුර කරන්න යන වෙනස

    රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති…

    Read More

    ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි – රනිල් අනුරට කියයි

    පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව…

    Read More

    නව ජනපති අනුර 

    මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.  ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත්…

    Read More

    සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

    සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි

    Read More

    ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

    ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.  පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින්…

    Read More

    ඡන්දය සලකුණු කිරීමෙන් පසු නාමල් ජනතාව ගැන කියූ දේ

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය. සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ,    “ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ,…

    Read More