Hot News
පාන් මිල අඩුකෙරේ
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ. සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.
ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන දැනුම්දීමක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඊයේ (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන…
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය. රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අද පැවැති තරගයෙන් තායිලන්ත කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි. එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු…
විශ්‍රාමිකයන්ට රු 3000ක විශේෂ මාසික දීමනාවක්
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, “රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක්…
ඉන්දියාව iPhone ඇතුළු ස්මාර්ට් ෆෝන් බදු අඩු කරයි
නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් ගෙන ඇති තවත් පියවරක් වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමය. මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බව විශ්වාස කෙරෙයි. ඇපල් අයිෆෝන්වල සමස්ත නිෂ්පාදනයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයත් වාර්ෂිකව ඉන්දියාවට…
රුසියානු බුද්ධි අංශ නිලධාරියාට බෝම්බ ප්‍රහාරයක්
රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබේ. අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබුණි. එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරු එම බෝම්බර පුපුරා ගොස් තිබේ. එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි…
නේපාලය සලිත කළ බිහිසුණු ගුවන් යානා අනතුර
නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක්…
දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
මහ බැංකු පොලී අනුපාත තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25…