Hot News
සා පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස…
අලුත් අරමුණක් වෙනුවෙන් රටවල් 4ක් සාකච්ඡා කරයි
අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ටෝකියෝ නුවරදී එම හමුව සිදුවනු ඇති බවය. ආයෝජන අවස්ථා, අධ්‍යාපනික සහ වෘත්තීය හුවමාරු කිරීම් ඇතුළු තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ට්‍රම්ප් ට වෙඩිතැබීම – වරදක් සිදුවූ බව චීට්ල් පිළිගනී
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන තිබේ. අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය. එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය…
තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි
පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන…
ඔන්ලයින් පනත ගැන අලුත් තීරණයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2024.02.12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ…
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි
ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. “අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට…
ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ
මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබේ. මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා…
ඡන්ද අල්ලස් දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නංවන්න යෝජනාවක්
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඊට…
පාන්වලට පාලන මිලක් ?
බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසා සිටියේ, බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීම ගැන අධිකරණ තීන්දුවක්
රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කෙරුණි. මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලුණි. අදාළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ…