Hot News
වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනා
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම කාර්යාලය පෙන්වාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති…
කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සතුන්ට දැඩි ජීවිත අවදානමක්
නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම් හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බොටම් ට්‍රොලින් ක්‍රමය වැනි නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වේ. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි
ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (17) නම් කෙරුණි. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත් ය. ආසියාවේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි. ඒ අනුව ආසියානු කුසලාන…
පොහොර වර්ග 5ක මිල අඩු කරයි
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට…
ලාංකික ආහාර ජාත්‍යන්තරයට ගෙන ගිය අපේ සවින්ද්‍රි
“මාස්ටර් චෙෆ්” ඔස්ට්‍රේලියා 2024 රියැලිටි සූපවේදි තරගාවලියෙන් තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකිකයෙකු වන සවින්ද්‍රි පෙරේරා සමත්විය. එහි විශේෂත්වය වන්නේ, ඇය එම තරගය පුරා පිළියෙල කර තිබුණේ ශ්‍රී ලාංකීක ආහාර පානයි. එම ජයග්‍රණයෙන් පසු ඊයේ රාත්‍රියේ සවින්ද්‍රි පෙරේරා දිවයිනට පැමිණියාය. ශ්‍රී ලංකාවේ උපත ලද සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට සංක්‍රමණය වී තිබුණේ වයස අවුරුදු 18දීය. ඇය…
ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය. අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය. අදාළ නව ක්‍රමවේදය…
වර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්
පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය. අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (16) උදෑසන 3.00ට එම නිවේදය නිකුත් කර ඇත. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත්…