Headlines

    අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති

    හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. “2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති…

    Read More

    ජනපති සහ නීතිඥවරු අතර හමුවක්

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අරමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙලට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

    Read More

    ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය. මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින්…

    Read More

    ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.  එම නඩු…

    Read More

    විදුලි බිලට දැනෙන වෙනසක්

    හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය….

    Read More

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්…

    Read More

    ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

    පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා…

    Read More

    යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

    2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.

    Read More

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 75ක සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඉදිරියේ වෘත්තීය සමිති නියෝජිතයින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේය. ඒ අනුව අනධ්‍යයන සේවකයින් යළි සේවයට වාර්තා කිරීමට…

    Read More

    උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

    කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල සහ හීල් ඔය අතර දී පීලි පැන තිබේ. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාධා මතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Read More