Hot News
පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්
තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇත. තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත…
ක්ලබ් වසන්ත එලොව යැවූ අභිරහසේ භාගයක් හෙළිවෙයි ?
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය. ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි. එම අවස්ථාවේ එහි…
ක්ලබ් වසන්ත ඝාතනයේ හෙළි වන රහස්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට…
බදු ගහන අලුත්ම ක්ෂේත්‍ර 14 මෙන්න
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ(08) කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බවය. බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම…
පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට කැඳවයි
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව…
හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.
පළමුව ජනාධිපතිවරණය – ජනාධිපති
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා පවසයි. කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්…
අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත මරුට
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
හමාස් ප්‍රධානියෙක් මරුට
හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්, ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් ය. ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ…
ජනපතිගේ ධුර කාලය වසර 5ක් බව පැහැදිලියි – නීතිපති
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත්…