Hot News
වසර 17කට පෙර හමුවූ සුපිරි පාපන්දු තරු දෙක
2007 වසරේදී එවකට වයස අවුරුදු 20ක් වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී දින දර්ශනයක් සඳහා ඡායාරූප රූගත කිරීමකට එක්වුණි. ඔහු එහිදී බිළිඳෙකු අත දරාගෙන එක් ඡායාරූපයක් සඳහා මුහුණ දුන්නේය. එම ඡායාරූපයේ සිටින දරුවා වසර 17කට පසුව සුපිරි පාපන්දු තරුවක් වෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. ඒ දරුවා, ලෙමින් යමාල් ය. ඔහු අද ස්පාඤ්ඤ පාපන්දු…
ඩුබායිවලදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙක් මෙරටට
ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. මෙලෙස රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා…
පාසල් දරුවන්ට විශේෂ නිවේදනයක්
ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය. පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙලෙස අද සිට…
තවත් කණ්ඩායමක් වර්ජනය අත්හරී
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව…
දුම්රිය වර්ජනය අත්හිටුවයි
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.
ඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රයක්
ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර…
‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි
ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ…
පාරින්ද රණසිංහ ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතාව පත්කළේය. පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ…
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට අලුත් වැඩක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමග එකඟතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග මේ වනවිටත් එකඟතා ගිවිසුම්වලට එළඹ ඇති බව වාර්තා විය….
දුම්රිය වර්ජනය දිගටම
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසයි. පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය. වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණි. වැඩබලන දුම්රිය…