Hot News
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379කි. එසේම ඔටෝ ඩීසල් මිලෙහි…
ආර් සම්බන්දන් දිවියෙන් සමුගනී
හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්බන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. ආර්.සම්බන්දන් මහතා දෙමළ එක්සත්…
උරුමය මොනරාගලට
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද (30) සිදුකළේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු…
පෘථිවිය බේරාගැනීමේ කොන්ත්‍රාත්තුව ඊලොන් මස්ක් ට
වසර 20කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායකත්වය සපයන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය අවසන් වූ විට එය ආරක්ෂිතව ඉවත්කර දැමීමේ සැලසුම නාසා ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මේ භාරදූර මෙහෙයුම සඳහා යොදාගැනීමට නියමිතව ඇත්තේ ඊලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් යානයකි. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ සහ අභ්‍යවකාශ පරිසර යටතේ අත්හදා බැලීම් සිදුකිරීමේ අරමුණින්…
බස් ගාස්තු වෙනසට කුමක් වෙයිද ?
හෙට (01) සිට බස් ගාස්තු සියයට 5කින් අඩුවන බවට ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය ද සලකා බලා බස් ගාස්තු සංශෝධනය කිරීමට ගමනාගමන කොමිසම සැලසුම් කරමින් සිටින බවයි. මේ අතර ජාතික…
ඉන්ධන මිල වෙනස් වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක්…
මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් තිදෙනෙක් මරුට
මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබේ. තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් ය. ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින්…
ජනපතිගේ සැලසුම මේකයි – අනුර දිසානායක
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තම ආණ්ඩුවක් යටතේ කිසිදු අතගැසීමක් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ ජතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) කොළඹදී එම වැඩසටහන පැවැත්වුණි. “අගවිනිසුරු විශ්‍රාම යන තෙක්…
සංචාරකයන් ලක්ෂ 10 පනී
2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය. ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි. ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ…