Hot News
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනම ආයතනයක් කරයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යටතේ ඊට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එමඟින් ඊට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කරගැනීමට හැකිවන අතර ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට ද හැකි වනු ඇති බව සිය x ගිණුමේ සටහනක්…
ක්‍රිකට් උඩුයටිකුරු කළ ඩක්වර්ත් ජීවිතයෙන් සමුගනී
වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය. ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…
උපකාරක පන්ති නියාමනය කළ යුතු බවට ප්‍රකාශයක්
ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියටන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවය. “අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත්…
ගුරු – විදුහල්පතිවරු ලෙඩ වෙති
ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවය. අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා…
කරන්නාගොඩගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන්…
ණය ප්‍රතිව්‍යුගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය
පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම්වලට හෙට (26) අත්සන් තැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. “විශේෂයෙන් රටේ බංකොලොත් භාවය ප්‍රකාශයටපත් කළ පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය…
විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (25) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ල…
වාහන ගෙන්වීම ගැන සංචාරක අමාත්‍යාංශයට චෝදනාවක්
සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් රජයේ අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටුනොවන බවය. “සියලුදෙනාම දන්නවා මේ වාහන ආනයනය 2020 මාර්තු 20 වෙනිද ඉදන් නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකම් අවුරුදු…
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවය. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය…
ඉන්දියාව ඉන්දියාව අවසන් පූර්ව වටයටඅවසන් පූර්ව වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (24) සමත්විය. ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය. එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට…