Hot News
මැයි මාසයේ දී විදෙස් සංචිතවල සුළු අඩුවීමක්
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අමෙරිකාවේදී අමිහිරි අත්දැකීම්
ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට අමරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලු රැසකට මුහුණ දී තිබේ. ඒ, ගුවන් යානා ප්‍රමාදවීම්, නවාතැන් ගන්නා හෝටල් සහ ක්‍රීඩාංගන අතර පවතින දුර මෙන්ම ක්‍රීඩාංගන තණතීරු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පිල පළමු අත්දැකීමට මුහුණදුන්නේ, අයර්ලන්තය සමග පැවැති පුහුණු තරගයෙන් පසුව ෆ්ලොරිඩා සිට නිව්යෝර්ක් දක්වා පැමිණීමේදී සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයයි. එහිදී ශ්‍රී ලංකා, අයර්ලන්තය සහ දකුණු…
ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම…
හෙට වසා තැබෙන පාසල් ගැන දැනුම්දීමක්
රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ නොපැවැත්වෙනු ඇති. ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල්…
දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක
හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි. ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.
දීගොඩ කුමාර නිදොස් කොට නිදහස්
ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.
Starlink සඳහා මූලික අනුමැතිය
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී තිබේ. ඒ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…
මෛත්‍රී දුන් ජනාධිපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන්…
විදුලි බිලේ අලුත් මිල ගණන් ඇමති හෙළිකරයි
ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව ඒකක 0…
TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි. ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.