Hot News
ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව වාර්තා…
කාලගුණයේ අලුත්ම තත්ත්වය
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ…
මේ දක්වා ආපදා මරණ 16ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට පවුල් 21,353ක පුද්ගලයින් 84,749ක් පීඩාවට පත්ව ඇති බවය.
එජාප ය මැතිවරණය ඉලක්ක කර නව නිලධාරී මණ්ඩලයක් පත්කරයි
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා…
ගංවතුරේ නවතම නිවේදනය එළියට
ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවය. එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර නිලවලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින්…
කලාප කිහිපයක පාසල් සඳහා හෙටත් නිවාඩු
ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදී ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල්…
ලිට්‍රෝ ගෑස් මිල පහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.
ජනපති කොළොන්නාවට
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින බව වාර්තා විය. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
යුපුන් ආබාධයකට ලක්වෙයි
ස්වීඩනයේ ස්ටොක්හෝම් “ඩයමන්ඩ් ලීග්” තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු ඊයේ (02) පැවති දෙවැනි කාණ්ඩයේ තරගයේදී තත්පර 10.22ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට සමත්වුණි. 2024 පැරිස් ඔලිම්පික් උළෙලට ආරම්භයට තවත් ඇත්තේ සති 8ක කාලයක් පමණි. පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර…
සිමෙන්ති මිල පහළට
ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.