Hot News
ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්
ඉන්දුනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ. ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා…
ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය
Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි. පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර තිබේ. මෙම සමාරම්භක නැව්ගත කිරීම අමතමින්, ඉන්දියන් ඔයිල් හි අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් මහතා අදහස් දක්වමින්…
ලෝක ජල සමුළුව ඇමතූ ජනපති
10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) එම සමුළුව ඇමතුවේය. ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10%ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර…
රුසියානු තානාපති ගැටලුව විසඳීමට කඩිනම් පියවර
දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ. නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති…
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්
අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ සියයට 62.05ක් ලෙස පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේ දී සියයට 42ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව, මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උපදර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස…
ඉරානය කලබල වෙයි – ජනපති ව සොයා විශේෂ මෙහෙයුමක්
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව…
ඩයනා පාස්පෝට් එක භාරදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත භාරදුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේය. ඒ පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයට අනුවය. රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 08 වනදා තීන්දු…
පුත්තලමේ පාසල් හෙට වැසෙයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.
යුද හමුදාවේ 1,509කට උසස්වීම්
15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම උසස්වීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත. රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19) සිට බලපැවැත්වෙන පරිදි සියලුම රෙජිමේන්තුවල…
ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව…