Hot News
සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ගනී
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව…
පවතින වැසි සහ සුළං තවදුරටත්
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
කිලිනොච්චියට කාන්තා සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක්
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය කර තිබේ. නෙදර්ලන්ත රජය විසින් මේ සඳහා අරමුදල් සපයා ඇත. දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන…
යුපුන් අබේකෝන් ට තවත් සුපිරි ජයක්
ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය හෙට (25) උදේ 5.30…
පෘථිවියට සමාන ජීවත්වීමට සුදුසුම ග්‍රහලෝකයක් සොයාගනී ?
තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ. Gliese 12b නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට උපකල්පනය කරයි. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත. 2022දී එක්සත් රාජධානියේ පැවැති…
යාපනය සරසවියේ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ල ජනපති විවෘත කරයි
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුවය. ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 942කි.
සුළං ප්‍රවාහයේ වැඩිවීමක්
දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි. වැඩි විස්තර පහතින්,
නෝවා ප්‍රහාරය සිහි කරමින් නිර්මාණයක්
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස 7ක කාලයක් ගත්වී තිබුණත් යුද ගැටුම් තවමත් ලොව පුරා පුවත් මවන මාතෘකාවකි. එවන් තවත් සිදුවීමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා විය. ඒ, යුද ගැටුම් ආරම්භයට මුල් වූ නෝවා සැණකෙළිය ඉලක්ක කළ ප්‍රහාරය සිහිපත් කරමින් කළ නිර්මාණයක් පිළිබඳ පුවතකි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ අමෙරිකානු කලාකාරිනියක් වන මොන්ටානා ටකර්ගේ ප්‍රධානත්වයෙනි….
සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්
විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි. මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය. කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන් මෙහිදී 7%,…