Hot News
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගෙන් තීරණයක්
සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසුවේ, විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවය. “විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම්…
එන්නත් 8ක් සුපරීක්ෂණ කාලයකින් තොරව ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව හෙළිවෙයි
නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණි. අදාළ පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8…
කොවිඩ්වලින් බේරෙන්න ගත් එන්නත ගැන සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි. කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය. කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ…
උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන…
ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී ය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද සහභාගි වූවාය. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික…
ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි
20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනත් කෙටුම්පත් දෙකක්
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට…
නෙළුම් කුලුනේ පැරෂුට් අනතුර
නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සා පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ගැන අවසන් තීරණය
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය. එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින්…
අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි
වෙනිසියුලාවේ පිහිටා තිබූ අවසන් ග්ලැසියරය වන්නේ ලා කොරෝනා එනම් හම්බෝල්ට් ග්ලැසියරය යි. මේ වනවිට එම ග්ලැසියරය දියවීම වේගවත් වී අයිස් පෙතක් බවට පත්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙය ගෝලීය කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵල මැනවින් පෙන්නුම් කරන තත්ත්වයක් බව විද්‍යාඥයින් පවසයි.