Hot News
මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.
ලෝක කුසලාන කණ්ඩායම ගැන තරංග කී කතාව
එළැඹෙන ජුනි මාසයේ ආරම්භවන 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අභියෝගයක් භාරගත හැකි ආකාරයේ කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි. තේරීම් කමිටු සභාපතිවරයා මෙම අදහස් පළකළේ 20යි 20 ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට්…
විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළේය. විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි. පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද…
රත්‍රං බවට සැක පුරාවස්තු තොගයක් නිවසක
කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පසුගිය 11 වනදා සිදුකළ සොදිසි මෙහෙයුමක දී රත්‍රං බවට සැකකෙරෙන මෙම පුරාවස්තුන් සොයාගෙන තිබුණි. පොලීසිය පැවසුවේ මෙම පුරාවස්තු නිවසේ සූක්ෂමව සඟවා තිබීය දී සොයා…
බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම
විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…
ජනපතිගේ පාලනය ගැන මහින්දගෙන් දැඩි තීරණයක්
රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන…
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්
මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන…
අද මිලිමීටර් 100 ඉක්මවූ වැස්සක්
අද (12) දිනයේ බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල ආශ්‍රිතව මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, පලාබද්දල ප්‍රදේශය ආශ්‍රිතව මිලිමීටර් 81.5ක වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවය. අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 වඩා වැඩි…
සා/පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් ගැටලුවක්
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කරයි. මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවය. …
චර්ම රෝග වැඩි වෙයි
උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය. ඇය පෙන්වාදෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යය බවය. “ඇඳුම්වලින් ආවරණය නොවූ ස්ථාන මත දැඩි හිරු රැස් පතිතවීම නිසා ඒ නැත්වල සමේ කැසීමක් සහිත ලප ඇතිවෙන්නේ පුළුවන්. කුඩා…