Hot News
මධ්‍යම පරිසර අධිකාරිය නීතිවිරෝධී ලන්ච් ෂීට් ගබඩාවක් වටලයි
කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී කිලෝග්‍රෑම් 1,625ක පමණ නීති විරෝධී “පොලිතීන් ඇතුළු ලන්ච් ෂීට්” තොගයක් සොයාගෙන තිබේ. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අදාළ කර්මාන්ත…
විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක)චරිත් අසලංක (උපනායක)කුසල් මෙන්ඩිස්පැතුම් නිස්සංකසදීර සමරවික්‍රමඇන්ජලෝ මැතිව්ස්කමිදු මෙන්ඩිස්දසුන් ශාකකධනංජය ද සිල්වාමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේදුෂ්මන්ත චමීරනුවන් තුෂාරමතීෂ පතිරණඩිල්ෂාන් මදුශංක කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දුවිජයකාන්ත් වියස්කාන්ත්භානුක රාජපක්ෂජනිත්…
NMRA හිටපු CEO රිමාන්ඩ්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද පෙරවරුවේ රැගෙනවිත් තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න…
මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…
විශ්‍රාම ගැනීම ගැන තීරණයක් නෑ -චමරි
තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් කතා කිරීමට මෙය සුදුසු අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය. එසේම ඒ සම්බන්ධයෙන් තමා තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ඇය කීවාය. “සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම ඒ ගැන තවම තීරණය කර නැහැ…” ඇය පවසන්නේ එළඹෙන 20යි 20 කාන්තා ක්‍රිකට්…
කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටේ දී මාට්ටු
රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම්…
වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව
මෙරට දේශපාලනයේ වෙනසකට හේතුවූ මැයි 9 වනදා භීෂණයට අදට (09) වසර දෙකක් සපිරෙයි. 2022 මැයි 9 වනදා දහවල් ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් එදින පස්වරුවේ ඇතැම් කණ්ඩායම් දිවයිනේ ස්ථාන රැසක ප්රචණ්ඩව කටයුතු කළේය. ඒ අනුව, පොළොන්නරුව බලා යමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුවේදී අමානුෂික…
මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවය. මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු…
මගේ කාර්යභාරය දැන් අවසන් වෙමින් යන්නේ -ජනපති
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින අතර දැන් අප ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවති ශ්‍රී ලංකා දේශගුණික සමුළුවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යභාරය තමා ආර්ථිකය යළි ප්‍රතිස්ථාපනය කිරීම. තවත් ආකාරයකින් කියනවා නම්…
ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා…