Hot News
ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. චමරි අතපත්තු ලකුණු 102යි….
අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්
අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන…
ඉරාන න්‍යෂ්ටික අර්බුදයට ප්‍රබලයින් දෙදෙනෙක් මැදිහත් වෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පැරිස් නුවර Élysée මාලිගයේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරුව අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර තිබේ. ප්‍රංශය සමග ද්විපාර්ශ්වීය වෙළෙඳාම ධනාත්මක හා සමබරව වර්ධනය…
චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්
නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. Yunnan පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වෙයි. කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබුණි. එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය මැයි 4 වනදා එම කොටස කඩා වැටුණු අතර කොන්ක්‍රීට් කණු අතර කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී රබර් බෙයාරින් පෑඩ් මත ස්ථානගත කරන බවත් එම…
බෙල්ජියන් එයාර් සිද්ධිය ගැන ශ්‍රීලන්කන් ප්‍රතිචාර දක්වයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් බදු පදනම මත සේවයට යොදවා ඇති ගුවන්යානයක සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ. එහි දැක්වෙන්නේ එවැනි සිද්ධියක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් සිදුකෙරෙන බවත් ය.
මහ බැංකුවෙන් සුබ ආරංචියක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ. මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත්…
අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබේ. බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුර රැළපනාව, මාධ්‍යවේදීනී රුවනි ෆොන්සේකා සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පෙත්සම්…
විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ…
පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට හා සංවිධායකවරුන්ට කැඳවීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති…