Headlines

    ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු

    පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ….

    Read More

    ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

    වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

    Read More

    පොලීසියේ විනය ගැන නිර්දේශ පොලිස්පති අතට

    පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ට එරෙහි…

    Read More

    මෙරටට ගෙන්වූ ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්

    ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට…

    Read More

    බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඊයේ (26) අදාළ හමුව සිදුවී තිබුණි. X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහදව සාකච්ඡා කළ බවය.

    Read More

    රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි

    ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ”  යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම…

    Read More

    ඇල්ල – වැල්ලවායේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමේ අවදානමක්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්‍යයනය සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, එම තත්ත්වය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමෙන් ඇතිවූවක් ද යන්න මෙතෙක් ජල හෝ භූ විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වී නැති බවය. ඇල්ල –…

    Read More

    දුප්පතාට බෙදන සහල් ටිකත් හොරකම් කළ හැටි

    මේ දිනවල ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනේදී විවිධ අක්‍රමිතා සහ දූෂණ සිදුවීම් කිහිපයක් වාර්තාවී තිබේ. අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට දිවයින පුරා සහල් බෙදීම සිදුකෙරේ. තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමිනි. මෙම සහල් නොමිලේ ජනතාවට ලබාදෙන…

    Read More

    මඩකළපුවේ ඉදි කළ ක්‍රිකට් පිටිය

    නැගෙනහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු වූ පූනසිංහම් වසීහරන් නම් පුද්ගලයෙකු විසින් තම පෞද්ගලික මුදලින් අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මඩකළපුවේ ඉදිකර තිබේ.  මෙය උසස් මට්ටමේ ක්‍රිකට් අත්දැකීමක් ලබාගැනිමට අපේක්ෂා කරන සියලුම තරුණයින් ට හොඳ අවස්ථාවකි.

    Read More

    අමෙරිකාව චීනයට කළ තර්ජනය

    චීනය විසින් යුක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයට. අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බව…

    Read More