Headlines

    ගුවන්තොටුපොළේදී වැරදීමකින් පිටවූ වෙඩිල්ල

    කටුනායක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ආසන්නයේ සේවයේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. අද (30) උදෑසන 10ත් 11ත් අතර කාලයේදී සිදුවූ එම සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඔහු පැවසීය. “එම ගුවන් භටයා විවේක ගන්නා ස්ථානයකට ගොස් වතුර…

    Read More

    හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

    යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

    Read More

    විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන අවසරය දීර්ඝ කිරීමට විරෝධයක්

    විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසයි. ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ…

    Read More

    මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම්දීමක්

    ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත. එසේ නොමැති නම්  http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.

    Read More

    CID නිලධාරීන් ලෙස පෙනී සිට රු කෝටියක අල්ලස් ගත් පිරිසක් අත්අඩංගුවට

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන්ව ඊයේ (29) සවස 3.30ට පමණ කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා…

    Read More

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද…

    Read More

    කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

    ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම මාර්ග සිතියම් පහතින්. සිතියම by poornima on Scribd

    Read More

    ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

    රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.

    Read More

    පාඨලීව CIDයට කැඳවයි

    එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

    Read More

    EPF පොලිය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    සේවක අර්ථ සාධක අරමුදල සඳහා පොලිය වැඩිකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබේ. එහි දැක්වෙන්නේ, “2023.12.31 වන දිනට පවතින සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය සඳහා සියයට 13ක පොලී අනුපාතයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය අනුමැතිය” ලබා දුන් බවය.

    Read More