Hot News
ඉන්ධන මිල ගණන් ඉහළට..
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල Rs 20කින් වැඩි කරන බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 157කි. තව ද ඔක්ටේන් 95 Rs 23කින් ද, ඔටෝ ඩීසල් Rs 7කින් ද, සූපර් ඩීසල් Rs 12කින්…
සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..
දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…
රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වේ..
ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා අද (11) දින හදීසියේ අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 49-හැවිරිදි වියේ පසු වූණි. අද (11) උදෑසන ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි තම නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.
නිවුන් දරුවන් 10ක් බිහිකළ කාන්තාවක්..
දකුණු අප්‍රිකානු මවක් වන , ගොසිආමේ තමාරා සිතොලේ නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ ඇති බවත් පසුව දරුවන් දස දෙනෙකු ලැබුණු බවත්ය. ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය…
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘත කෙරේ..
දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් මඟින් වන අතර රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත…
අමෙරිකාවට පැන වූ TikTok තහනම ඉවතට..
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් විසින් චීනයේ නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම භාවිතය අවලංගු කරනු ලැබුවේ 2020 වසරේදී වන අතර එම නීතිය, පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය. මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඩොනල්ඩ්…
ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුද හමුදාපති..
ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ, ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව ජූනි…
ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් දීම අද සිට..
ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) සිට ආරම්භ විය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි. ඒ අනුව ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බව පවුල්…
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට – අදත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි..
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටින අතර විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. ඒ අනුව මේ වනවිටත් පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවත්, තවත්…
සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට..
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද (09) අලුයම 5ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ. ඒ අනුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීම සිදු කර ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමග මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන…