Hot News
මහ වැස්සෙන් පුද්ගලයින් 14 ක් මරුට – සුළු ගංවතුර මට්ටම තවදුරටත්..
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය. පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…
දිස්ත්‍රික්ක 08ක ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්..
දිවයිනේ තුළ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා සඳහන් කළේ, පවතින මහ වැස්සත් සමඟ කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි. මෙම වසරේ…
ගිනිගත් නැවේ ‘කළු පෙට්ටියට’ මොකද වුණේ?..
පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ‘කළු පෙට්ටිය’ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID), නාවික හමුදාවෙන් සහය ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කටයුතු සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අනියුක්ත කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය….
සපුගස්කන්ද තෙල්පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් මිශ්‍රණ..
පවතින අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන දැවි තෙල් (Furnace oil) බාහිර පරිසරයේ ඇති ජලය සමග එකතු වී තිබේ. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තෙල් කාන්දුව සිදුව…
ලෝක පරිසර දිනය අදයි..
ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ, ‘අපේ පරිසර පද්ධතිය සුරකිමු’ යන්නයි. ඒ අනුව පරිසරය යනු මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයයි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින…
ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය අල්ගමින් – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්..
ගෙවුණු දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මි.මී. 188 ක් වන බවයි. ඊයේ (04) දින ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය. මේ අතර දිවයිනට…
ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට..
මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බවයි. මෙම මංගල ඇඳුම ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් කුලියට දී ඇති…
ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුණු අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එහි අගය මි.මී. 311.5 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ඇඳහැළුණු මහ වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 44,000 කට විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම…
අද කාළගුණය -ප්‍රදේශ කිහිපයකට මි.මි. 150 ඉක්ම වූ තද වැසි ..
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද (04) දිනය තුළ ද තවදුරටත් පවතිනු ඇතැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා..
කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි.