Headlines

    දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි

    දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද…

    Read More

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක්…

    Read More

    විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

    ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේය. කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ…

    Read More

    පෙති රංග අත්අඩංගුවට

    කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත්  “පෙති රංග” යන…

    Read More

    උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට

    ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය….

    Read More

    අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර

    රජය විසින් ගෙන එන ලද අයවැයේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය ණය මුදල්වලින් සපුරා ගැනීමට බළාපොරොත්තු වන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සරත් කුමාර මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට විශ්වාස කළ හැකි අයවැයක් මෙවර රජය විසින් ඉදිරිපත් කළ බවය. “2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු…

    Read More

    වියලි කාලගුණයෙන් පුද්ගලයින් රැසකට පීඩා

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් 7000කට අධික පිරිසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව ඇත. කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 2295කට අයත් පුද්ගලයින් 7258 දෙනෙකු මෙලෙස පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල,…

    Read More

    ග්‍රහලෝක 7ක් එකපෙළට නැරඹීය හැකි දුර්ලභ අහස් සංදර්ශනයක්

    සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවය….

    Read More

    ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ අනුව අදාළ ඝාතනයට අනුබල…

    Read More

    ප්‍රදේශ කිහිපයකට වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු,…

    Read More