Hot News
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයේ අලුත්ම නිවේදනය
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ…
දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල…
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු…
බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්
පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අයවැය විවාදය ඇරඹෙයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී…
ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.
කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ…
කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බවයි අද දෙරණ…
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීමට නව ඩිජිටල් පහසුකමක්
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බවය. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්ත…
අද රෑ සිට ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ…