Hot News
මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට
දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය….
කාලගුණය ගැන අලුත්ම නිවේදනය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්
වහල මස සවිකර ඇති සූර්ය පද්ධති ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි. විදුලි බිඳවැටීම හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය. පවතින තත්ත්වය තුළ…
ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය පමා වෙයි
පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ලබාදී ඇති බවය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරන අතර එය සෑම මසකම 4…
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්, දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය. පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ…
උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම…
රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ…
සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී…
පොල් පැල මිලියන 2.5ක් වගා කිරීමේ සැලසුමක්
පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය. ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක…