Headlines

    ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

    කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

    Read More

    ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත –  ජනපති 

    රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන…

    Read More

    නල ජලයේ රසායන ද්‍රව්‍ය ගැන ජල සම්පාදනයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවට සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දක්වා ඇත්තේ ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සු හුණු ටොන් 1500ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත් ටෙන්ඩර් පත් සමග ලබාදුන්…

    Read More

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත ජනවාරියේදී සුළු වශයෙන් අඩු වෙයි

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් අනාවරණය වේ. 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන් ව තිබුණු අතර එය 2025 ජනවාරි…

    Read More

    E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන දැනුම්දීමක්

    දැනට ක්‍රියාත්මක නොවන කොරියානු  E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක්…

    Read More

    පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන…

    Read More

    වරුණ ජයසුන්දරගෙන් STF ගැලවෙයි – පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන…

    Read More

    රෑට රෑට ක්‍රිෂ් ගිනිගන්න හේතුව හෙළිවෙයි

    කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත. එහිදී ‘ක්‍රිෂ්’  ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම…

    Read More

    USAID ශ්‍රී ලංකාවේ කළ වියදමක් ගැන අමෙරිකාවෙන් දොස්

    ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය.  USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි.  වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය…

    Read More

    ලුණු අර්බුදය උග්‍ර වෙයි ද ?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවය. ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මේ මස 28 වනදායින් අවසන් වන බවද ගණක අමරසිංහ…

    Read More