Headlines

    ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම ගැන නිවේදනයක්

    දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණි.  ඒ  යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය,  පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය  යන ප්‍රදේශවලය. වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක්…

    Read More

    විදෙස් ශ්‍රමිකයින්ගේ මුවාවෙන් රේගුවෙන් පන්නන් හැදූ බඩු තොගය

    ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගත්  භාණ්ඩ තොගයක් ඊෙය් (27) දින බ්ලූමැන්ඩල් කාගෝ අංගනයේදී විවෘත කෙරිණි.  දැනට ගණන් බලා ඇති ආකාරයට මෙහි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන අතර ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් විය හැකි බවත් වාර්තා වේ.  විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ…

    Read More

    වතු නිවාස වෙනුවට සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්

    වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව…

    Read More

    වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

    වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා…

    Read More

    ග්‍රහලෝක 6ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

    ‍ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ  සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය. මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත…

    Read More

    යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

    යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම…

    Read More

    අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.  උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය…

    Read More

    පාරිභෝගික අධිකාරිය පසුගිය වසරේදි සිදුකළ වැටලීම් විසි දහස ඉක්මවයි

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබේ. එහිදී නඩු පැවරීම් 23, 953ක් සිදුකර ඇති අතර ඉන් අවසන් වූ නඩු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක්ද නියම කර තිබේ. එහෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් කටයුතු සිදු කිරීමටද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී…

    Read More

    අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව විසි හත් දහස ඉක්මවයි

    පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය.  පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වූ අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල…

    Read More

    අදානි සමග ඇති ගිවිසුම් අවලංගු නොකරන බව රජය කියයි

    අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය. අද…

    Read More