Headlines

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා…

    Read More

    හමාස් අද නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කෙරේ

    ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ. ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද…

    Read More

    ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් ඊයේ (24) දින නාවික හමුදාව විසින් අනුයුක්ත කිරීමට කටයුතු පියවර…

    Read More

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ. …

    Read More

    තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි

    රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින්…

    Read More

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුවක් කල්යයි

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.  2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා…

    Read More

    අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයට සීමාවක්

    වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ. ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත. අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම…

    Read More

    සති 03 කදී ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි

    වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02 ක්ද වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක්  ගම්පහින් රෝගීන් 558ක් සහ…

    Read More

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට – විභාග සහ විෂයමාලාත් වෙනස්වෙයි

    විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන…

    Read More

    5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයා ලකුණු 188යි

    2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ, ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි. ඊට අමතරව දරුවන්…

    Read More