Headlines

    සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනයකර අවසන්

    සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණි. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර…

    Read More

    වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ගැසට්ටුව නිකුත් කෙරේ

    සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත…

    Read More

    බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලැබෙන සහන

    පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් ඔබ්බට සිදුකිරීමේ…

    Read More

    රන් මිල සුළු වශයෙන් ඉහළට

    මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල්  210,000ක් දක්වා රුපියල්…

    Read More

    අසිත ග්ලැමෝගන් සමගින් ගිවිසුම් ගතවෙයි

    ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ක්‍රීඩකයා බවට පත්වනු ඇත. කෙසේ නමුත් අසිත මීට පෙර එරට නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර තිබේ. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය (Division…

    Read More

    ආචාර්ය නාමය ගැන තිදෙනෙකුගෙන්  CID ප්‍රකාශ ගනී

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ  “ආචාර්ය” නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය. තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු…

    Read More

    දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

    නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…

    Read More

    ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ නවතම වාර්තාව අනාවරණ කර තිබේ. ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවය. ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ…

    Read More

    ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

    නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය. අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…

    Read More

    ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

    ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි. එම එකමුතුව වෙනුවෙන් ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවය. එමෙන්ම මෙම බදු…

    Read More