Hot News
CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ පළමු ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට
අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය 19 වනදා එය සිදුකළ බව සඳහන් වේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා මෙම ග්‍රිඩ් උපපොළ ඉදිකර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,300 ක මුදලක්…
සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. ඊයේ පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.
පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත්…
රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට
එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය. “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ…
ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව පසුගිය…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව අද දිනයේ…
ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි. කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන්…
ඇල්බේනියාවේ TikTok තහනමක්
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි…
ආනයනය කරන ලද MOP පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ
රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව ආනයනය…
පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්
පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය. කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ….