Hot News
රාජාංගන සහ අංගම ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
ඇද හැළෙන අධික වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. එක් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද අනෙක් වාන් දොරටු දෙක අඩි තුන බැගින්ද විවෘත කිරීමට පියවර ගෙන ඇත. මෙයින් තත්ත්පරේට ගණ අඩි 3775ක් කලා ඔයට මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අංගම ජලාශයේ වාන්දොරටු දෙකක් ද…
රට රැකියා සිහින පෙන් වූ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හක්මණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිලි 09 කට අදාළව ඊයේ (14) එම පුද්ගලයා අත්අඩංගුවගෙන තිබුණේ කින්නියා පොලිස් වසමේදීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක්…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ…
මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි. මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත. නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා…
බදු ගෙවීම සම්බන්ධව විශේෂ නිවේදනයක්
2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම…
කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි. කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය. කොළඹ වරායේ…
මෙරට ළමුන් ගැන අමෙරිකානු ආයතනයක් කළ හෙළිදරව්ව සොයා බලන්නැයි අධිකරණයෙන් නියෝග
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැක්වූ කරුණු සලකා බලමින්…
ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය. “පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ…
සියයට 18 වැට් බද්ද හේතුවෙන් පොත් කර්මාන්තය අර්බුදයක
පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවය. “රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි….
අඩුපීඩන කලාපය උතුරු වෙරළ ආසන්නයේ – මි.මී 100 ඉක්මවූ තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත. උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට…