Headlines

    පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලැබෙයි

    චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි…

    Read More

    සිරියාවට අගමැතිවරයෙක්

    සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක ය. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කළේය. පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියේය. ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය…

    Read More

    ආචාර්ය උපාධිය ගැන කථානායකවරයා ප්‍රතිචාර දක්වයි

    කථානායක අසෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ. විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය. කථානායක අසෝක රංවල මහතා මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන…

    Read More

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.

    Read More

    මුද්‍රිත පොත් වැට් බද්දෙන් නිදහස් කරන්න යැයි ඉල්ලීමක්

    මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. ‘2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යනුවෙන් එම සංගමය අද (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර සිටියේය. මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට,…

    Read More

    වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්

    රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය. නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති…

    Read More

    පරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්

    පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම…

    Read More

    රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයන් හා…

    Read More

    ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය ලැබෙන විදියේ වෙනසක්

    ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා එම සහනාධාරය ලබාදීමට නියමිතය. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

    Read More

    ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

    රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම යටතේ මෙම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත. එමෙන්ම…

    Read More