Hot News
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ…
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු…
උඩරට දුම්රිය ගමන යථාතත්ත්වයට
හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි. මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යථාතත්ත්වයට පත් කර තිබේ. එබැවින් අද (02) දින සිට…
සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම
අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා…
පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන්…
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන
පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. “පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ…
ජේ ෂා ICC සභාපති ලෙස වැඩ අරඹයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි. අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු…
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන්…
ට්‍රම්ප් යටතේ FBI ප්‍රධානී තනතුර කාෂ් පටෙිල් ට
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල් එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා…
වෙළෙඳපොළේ පොල් හිඟයක්
වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී. එමෙන්ම එක්සත් සහල්…