Headlines

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ අනිද්දා ශ්‍රී ලංකාවට

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.  ඒ අනුව ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය. කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව…

    Read More

    තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට යළි ඇරඹෙයි

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව යළිත්…

    Read More

    පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී…

    Read More

    ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන්…

    Read More

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

    පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

    Read More

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02)  ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    Read More

    හිටපු අමාත්‍ය මහින්දානන්දට එරෙහි කැරම් බෝඩ් නඩුව අද යළි කැඳවයි

    හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද යළි විභාගයට ගැනුණි. ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.  2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.000 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම නිවේදනයක් නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ….

    Read More

    අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින්…

    Read More

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සමග කොටු වූ සැකකරුවන්ව කොළඹ වරායට ගෙන එයි

    පසුගියදා ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන ආවේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභාහු නෞකාව එම කටයුත්ත සඳහා එක්වී තිබුණි. ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ යාත්‍රා…

    Read More