Hot News
ගාල්ලේ සංචාරක කර්මාන්තයට ගවයන් හා සුනඛයන්ගෙන් බලපෑම්
ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482කි. නොවැම්බර් මාසයේ…
IMF තෙවැනි සමාලෝචනයට නියෝජිතයින් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔවුන්ගේ එම සංචාරයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට නියමිත බව වාර්තාවෙයි. මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ මෙරටට හිමිවන…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය. අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ…
ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පි.සත්‍යලිංගම්ට
ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ. පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.
මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය. ජාතික ජන බලවේගය නම්කළ…
සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කෙරේ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා මේ බව දන්වා තිබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයක් ලෙසින් තරග වැදුණු වැදුණු සර්වජන බලය ඡන්ද…
උසස් පෙළ උපකාර පන්ති 19 වැනිදා මැදියම් රැයෙන් තහනම්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවය. නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර්…
මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 150ක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි. ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක්…
නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ ස්ථාවරය
එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය. ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය. එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලය අතරතුර චීන…
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.