Hot News
සුජීව සේනසිංහ ගේ V8 රථය – රස පරීක්ෂකට සිහිකැඳවීමක්
නීතිවිරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බැවින් රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව වාර්තා විය. එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී…
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය. ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය. ඊට අමතරව එම…
ලොහාන් සහ ශෂී නැවතත් රිමාන්ඩ්
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි හිටපු…
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවය. ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා…
ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට
යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ. ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්‍රේනයට අවසර ලබාදීමයි. රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද…
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට…
මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙට වැඩ අරඹයි
මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්…
මහින්දගේ සිහිනය ඉටු වුණා – නාමල්
දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කෙසේ වෙතත් රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිදු ක්‍රියාදාමයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩනොදෙන බවත් නාමල්…